IMG-LOGO

2026 නොවැම්බර් මස 17 වන අඟහරුවාදා


නිෂ්පාදන සමුපකාර සමිති පිහිටුවීමට විශේෂ සාකච්ඡාවක්

 


ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


උතුරු නැගෙනහිර පළාතේ විවිධ සේවා සමුපකාර සමිති ශක්තිමත් කිරීම සහ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

නිෂ්පාදන සමුපකාර සමිති 1000ක් ඇතිකිරීමේ රජයේ වැඩපිළිවෙළ, තෝරාගත් මෙගා කෝප්සිටි 25 ක් නවීකරණය කිරීම, පාරිභෝගික පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම, විවිධ සේවා සමුපකාර සමිතිවලට අයත් අක්‍රීයවී ඇති වෙළෙඳසල් නැවත ආරම්භකර 2029 වන විට විවිධ සේවා සමූපකාර වෙළෙඳසල් දසදහසක් ස්ථාපිත කිරීම, විවිධ සේවා සමූපකාර සමිති හරහා නව ඉන්ධන පිරවුම් හල් සියයක් ස්ථාපිත කිරීම සහ විවිධ සේවා සමුපකාර සමිතිවල පවතින ඉඩම් ගැටලු‍ විසඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.



අදහස් (0)

නිෂ්පාදන සමුපකාර සමිති පිහිටුවීමට විශේෂ සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site