IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


“නේෂන් බ්‍රෑන්ඩින්” මූලික ප්‍රසම්පාදන කටයුතු ඇරඹෙයි


භානුක අමරසිංහ


සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අත්‍යවශ්‍යව පවතින ලෝකය හමුවේ ශ්‍රී ලංකාව සන්නාමකරණය කිරීමේ ජාතික සන්නාමකරණය හෙවත්  “නේෂන් බ්‍රෑන්ඩින්” ප්‍රවර්ධන ව්‍යාපෘතියට අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව අනාවරණය කළේය. 

 “සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මේ “නේෂන් බ්‍රෑන්ඩින්” අත්‍යවශ්‍ය බව රජය පිළිගන්නවා. ඒ සඳහා සියලු‍ පාර්ශවත් එක්ක එකතු වෙලා සාකච්ඡා පවත්වමින් මෙය සිදු කරනවා. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. එම මුදල නියමානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් ඉදිරියේදී අපි ආරම්භ කරනවා. යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

විශේෂයෙන්ම ඉහළ වියදම් කිරීමේ හැකියාවක් සහිත සංචාරකයන් මෙරටට ආකර්ෂණය සඳහා මෙම ”නේෂන් බ්‍රෑන්ඩින්” ප්‍රවර්ධනයේ අවශ්‍යතාවක් පවතින බව සංචාරක කර්මාන්තයේ නිරත බොහෝ දෙනකුගේ අදහස විය. එහිදී මේ වසරේ සංචාරක ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහාද මෙම “නේෂන් බ්‍රෑන්ඩින්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම ඊට හේතු වූ බවද ඔවුන් පවසා සිටියේය.

රජය සඳහන් කළ ආකාරයට ප්‍රසම්පාදන පිළිබඳ ගැටලු‍ ඇතුළු විවිධ කාරණා හේතුවෙන් මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය දියත් කිරීම කල් යෑම සිදු විය.



අදහස් (0)

“නේෂන් බ්‍රෑන්ඩින්” මූලික ප්‍රසම්පාදන කටයුතු ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site