ලංකාවේ රෙදි සේදුම් සත්කාරක ක්ෂේත්රයේ වඩාත් විශ්වසනීය සන්නාමයක් වනDiva Fresh, වඩාත් උසස් Stain Fighter Technology (පැල්ලම් නාශක තාක්ෂණය), Perfume Booster සහ රෙදිපිළිවල පිරිසුදු මෙන්ම දීප්තිමත් බව රැකදෙන Optical Brightener Technology සහිත නවතම රෙදි සෝදන කුඩු වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. එදිනෙදා ඇතිවන පැල්ලම් සඳහා සාර්ථකම විසඳුම ලබාදීමේ නව අරමුණ පෙරදැරිව සිදුවූ මෙම හඳුන්වාදීම, වසර 20කට අධික Diva හි විශ්වාසනීයත්වය තහවුරු කරයි. එමෙන්ම, මෙරට පවුල්වල දෛනිකව රෙදි සේදීමේ අභියෝග වඩාත් පහසුවෙන්, ඉක්මනින්, සහනදායී ලෙස සහ සාර්ථකව ජයගැනීම සඳහාම මෙය නිර්මාණය කර ඇත.
දෛනිකව රාජකාරි සඳහා ගමන් බිමන් යාමේ දී කමිස කරපටිවල තැවරෙන දහඩිය සහ කුණු පැල්ලම්වල සිට, පාසල් දරුවන්ගේ ඇඳුම්වල තැවරෙන මඩ, ආහාර ගැනීමේදී සිදුවන කෑම, තේ, කෝපි සහ සෝස් වර්ගවල පැල්ලම් දක්වා එදිනෙදා ජීවිතයේ දී නොයෙකුත් පැල්ලම් ඇති වේ. ගෘහණියන් සහ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන මෙම එදිනෙදා අභියෝග මනාව වටහාගනිමින්,Diva Fresh හි සංයෝගය උසස් Stain Fighter Technology සමගින් නැවත හඳුන්වා දී තිබේ. එමගින් පැල්ලම් අභ්‍යන්තරයටම ගමන් කර, ඒවා කුඩා අංශු බවට පත් කරමින්, සෑම සේදීමකදීම පැල්ලම් ඉක්මනින් හා පහසුවෙන් ඉවත් කිරීමට උපකාරී වේ. මෙම වැඩිදියුණු කළ සංයෝගය, දහඩිය, මඩ සහ වාහන දුම නිසා කමිස කරපටි සහ අත්වාසිවල එකතු වන එදිනෙදා පැල්ලම් විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කර ඇති අතර, සාමාන්‍ය ආහාර පැල්ලම් මෙන්ම දූවිලි පැල්ලම් ද පහසුවෙන් ඉවත් කරමින් අවම වෙහෙසකින් ඇඳුම් වඩාත් පිරිසිදුව හා නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ.
විශිෂ්ට පැල්ලම් ඉවත් කිරීමේ හැකියාවට අමතරව, Diva Fresh සිය නිෂ්පාදන පෙළ මගින් පාරිභෝගිකයාට ඉහළම වටිනාකමක් ලබා දීමට ද නිරන්තරයෙන් කටයුතු කරයි. ඒ අනුව, Diva Fresh ග්‍රෑම් 60 රෙදි සෝදන කුඩු පැකට්ටුව මගින්, එකම මිල කාණ්ඩයේ පවතින බොහෝ සන්නාමයන්ට වඩා අමතර ග්‍රෑම් 10ක වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන් වෙත පිරිනමනු ලබයි.
නව වැඩිදියුණු කළ Diva Fresh වෙතින් එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුමක්