භානුක අමරසිංහ
මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 21.45ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා වූ කිලෝ මිලියන 22.73ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝ මිලියන 1.28 ක එනම් සියයට 5.62ක අඩුවීමක් බව Forbes and Walker Research ආයතනය පවසයි.
මෙහිදී 2024 වසරට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේදී සියලුම වගා මට්ටම්වල තේ නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ඒ අනුව උස් වගාබිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 5.0 ක සිට කිලෝ මිලියන 4.59ක් දක්වා සියයට 8.41කින් පහත වැටී තිබේ. එසේම මැදි වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 4.20 සිට කිලෝ මිලියන 3.90 ක් දක්වා සියයට 7.58කින් පහත වැටී තිබේ. මීට අමතරව පහත් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 13.31 ක සිට කිලෝ මිලියන 12.78ක් දක්වා සියයට 3.96 කින් පහත වැටී තිබේ. ග්‍රීන් ටී නිෂ්පාදනයත් කිලෝ ග්‍රෑම් 203,616 සිට 192,855ක් දක්වා සියයට 5.28 කින් පහත වැටී තිබේ.
නොවැම්බරයේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 1.28 කින් පහළට