IMG-LOGO

2026 ජුලි මස 17 වන සිකුරාදා


නවීන මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක්


නිමල කොඩිතුවක්කු 


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වගාකරුවන් මූලික කර ගනිමින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය, ඉහළ සැකසුම් පිරිවැය, සනීපාරක්ෂක ප්‍රමිති සහ ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කිරීම වැනි පොදු අභියෝග රැසකට අඛණ්ඩව මුහුණ දෙමින් සිටී. එම බාධා සඳහා විසඳුමක් ලෙස කාර්මික තාක්ෂණ ආයතනය විසින් රුහුණ විශ්වවිද්‍යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව නවීන මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් (Centralized Zero-waste Biomass Cinnamon Processing Centre) රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨ ඉඩම් පරිශ්‍රයෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.



අදහස් (0)

නවීන මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site