IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 6.51 ක්

විමුක්ති එස්. රුද්‍රිගු

පසුගිය මාර්තු මාසයේදී මෙරට නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙරට විදේශ සංචිත ප්‍රමාණය පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.08 ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිත සියයට 7.1 කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනයට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 401.9 ක් මිලදී ගෙන තිබීමද ප්‍රධාන හේතුවක් වී තිබේ.

පසුගිය මාස කීපයේදී මෙරට විදේශ සංචිත ඉතාමත් සුළු වශයෙන් පහත වැටීමෙන් පසුව නැවත වරක් පසුගිය මාර්තු මාසයේදී මෙලෙස විදේශ සංචිත ඉහළ ගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම විදේශ සංචිත ප්‍රමාණයද මෙය වේ. ශ්‍රී ලංකාව පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.47 ක සංචිතයකට හිමිකම් කීය. 

 



අදහස් (0)

නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 6.51 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site