IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


නිල්වලා ගඟ ආශ්‍රිතව සංචාරක කලාපයක් ඇරැඹීමේ සැලසුමක්

  • ගඟේ  කිලෝමීටර් 32 ක පමණ දුර  යොදා ගනිමින් සංචාරක බෝට්ටු සේවයකුත්

භානුක අමරසිංහ 

මාතර නිල්වලා ගඟෙහි කිලෝමීටර් 32 ක පමණ දුර ප්‍රමාණයක් යොදා ගනිමින් සංචාරක බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට ඇති හැකියාව මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

පසුගියදා කොළඹදී පැවැත්වුණු Boat & Marine Show 2026 ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය. “නිල්වලා ගඟ කියන්නේ දෙපැත්තටම බෝට්ටු යාත්‍රා කරන්න පුළුවන් පළලක් තියෙන ගඟක්. අපි දැනට බලාපොරොත්තු වෙන්නේ මූලිකවම භාණ්ඩ ප්‍රවාහනයට සහ යම් ප්‍රමාණයක මගීන් ප්‍රවාහනය සඳහා වන බෝට්ටු සේවාවක් ආරම්භ කරන්න.“ 

“නිල්වලා ගගේ එක ස්ථානයක් විතරයි අභියෝගාත්මක ඉසව්වක් පවත්වන්න පුළුවන් තැනක් විදියට තියෙන්නේ.“ 

කෙසේ වෙතත් මේ වනවිට නිල්වලා ගඟේ බොහෝ ප්‍රමාණයක් අපවිත්‍ර වී තිබෙන බවත්, මේ වන විට ඉතාමත් අසීරුවෙන් වුවත් ගඟ පිරිසුදු කිරීමේ කටයුතු කරමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

“මාතර බලකාව ප්‍රදේශයේ තියෙන ක්‍රීඩාංගණය ආශ්‍රිතව කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයට මායිම්ව ජැටියක් ඉදිකරන්න අපි සැලසුම් කර තිබෙනවා. 

මේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මාතරට එන සංචාරකයන්ට මිරිස්ස, හිරිකැටිය ඉඳන් අකුරැස්ස දක්වා බෝට්ටු මගින් රැගෙන යන්නත්, අකුරැස්ස ඉඳන් සිංහරාජයට මගී ප්‍රවාහන පද්ධතියක් හදන්න.“ 

එම ස්ථානයේ සිට කන්නෙලිය දෙදියගල සහ නාකියාදෙණිය යන සංචාරක ස්ථාන වෙත යාමටත් හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. “මෙය සංචාරක ත්‍රිකෝණයක් විදියට සංවර්ධනය කිරීම තමයි අපේ සැලසුම වෙන්නේ.“ 

 

 

 



අදහස් (0)

නිල්වලා ගඟ ආශ්‍රිතව සංචාරක කලාපයක් ඇරැඹීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site