IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


නන්දසිරි පොන්නම්පෙරුම සණස ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ

සණස ලයිෆ් රක්ෂණ සමාගමේ (සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී) නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නන්දසිරි පොන්නම්පෙරුම මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. 

හිටපු බැංකුකරුවකු වන නන්දසිරි මහතා සතුව මූල්‍ය අංශය තුළ වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිත බව පවසයි. ඒ මහතා අද වනවිට පොන්නම්පෙරුම ඇන්ඞ් කම්පැනි (වරලත් ගණකාධිකාරී) සමාගමෙහි කළමනාකාර හවුල්කරුවා ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා SOS ළමා ගම්මානයෙහි අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.

 



අදහස් (0)

නන්දසිරි පොන්නම්පෙරුම සණස ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site