IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නන්දජිත් සෝමරත්න ලංකා වෝල්ටයිල්ස් විධායක අධ්‍යක්ෂ ධුරයට

භානුක අමරසිංහ


ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගමේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස නන්දජිත් සෝමරත්න මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මැයි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වනවිටත් ඒ මහතා සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. 
එසේම මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට නන්දජිත් මහතා සතුව ලංකා වෝල්ටයිල්ස් පීඑල්සීහි කොටස් 40,000ක් සිය නමින්ද, තවත් කොටස් 60,000ක් සම්පත් බැංකුව/එම්.ඩබ්ලිව්.ආර්.එන්. සෝමරත්න යන නමින්ද හිමිකාරීත්වයක් සහිත බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 1993 වසරේදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම වෙත සම්බන්ධවී ඇති ඒ මහතා මීට පෙර හේලීස් ෆැබ්රික් පීඑල්සී, ලංකා පෝර්සිලේන් යන සමාගම්හි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර තිබේ. 



අදහස් (0)

නන්දජිත් සෝමරත්න ලංකා වෝල්ටයිල්ස් විධායක අධ්‍යක්ෂ ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site