IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


නීති විරෝධී කොටස් තැරැව්කාර සමාගමක් ගැන අනතුරු ඇඟවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර සමාගමක් ලෙස ක්‍රියා කිරිම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රයක් නොමැති, ලියාපදිංචි නොවූ සමාගමක් සම්බන්ධයෙන් අනාවරණය කරන බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි. 

ඒ අනුව Quantum AI Limited  ලෙසින් හඳුන්වා ගන්නා එම සමාගම සතුව සුරැකුම්පත් ගනුදෙනු, ආයෝජන සේවා හෝ ශ්‍රී ලංකාව තුළ සිදු කරන වෙනත් නියාමය කෙරුණු ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවත් සඳහන් කර සිටියි. 

එසේම මෙවැනි ආයතන තුළ අරමුදල් තැන්පතු සිදු කිරීම, ආයෝජනය හෝ කිසියම් ආකාරයක ගනුදෙනු හෝ ආයෝජන ක්‍රියාකාරකමක නොයෙදෙන ලෙසත් කොමිෂන් සභාව දැනුම් දෙයි. එසේම තමන්ට ආයෝජන උපදෙස් ලබා දෙන ආයතන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතන දැයි පරීක්ෂා කරන ලෙසද අවධාරණය කර සිටියි.



අදහස් (0)

නීති විරෝධී කොටස් තැරැව්කාර සමාගමක් ගැන අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site