IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


නීතිවිරෝධී කොටස් තැරැව්කාර සමාගමක්: SEC අනතුරු අඟවයි

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ ගනුදෙනු සිදුකරන බව පවසන බ්ලූ ඕෂන් සෙකියුරිටීස් නම් ආයතනය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රයක් නොමැති සහ එවැනි ගනුදෙනු සඳහා බලයක් නොමැති ආයතනයක් බව එම කොමිෂන් සභාව පවසයි.
එසේම එම ආයතනයේ සිටින ප්‍රධාන විශ්ලේෂණ නිලධාරියා ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකු හෝ, සහායකයකු නොවන බවත් ඔවුහු සඳහන් කරති. 
මීට අමතරව මෙම ආයතනය පවසන ආකාරයට ඔවුන් එක්සත් රාජධානියෙහි මූල්‍ය හැසිරීම් අධිකාරිය (FCA) හි ලියාපදිංචි හෝ බලපත්‍රලාභී ආයතනයක් නොවන බවත් එම කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මෙම බ්ලූ ඕෂන් සෙකියුරිටීස් නම් ආයතනය සමගින් කිසිදු මුදල් ගනුදෙනුවක්, මුදල් තැන්පතු කිරීමක් හෝ එම ආයතනයේ බව පැවසෙන වට්ස්ඇප් සමූහයකට හෝ සම්බන්ධ නොවන ලෙස එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

නීතිවිරෝධී කොටස් තැරැව්කාර සමාගමක්: SEC අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site