IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


නැගෙනහිර අඩු ආදායම්ලාභීන්ට නිවාස ණය

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 

නැගෙනහිර පළාතේ ස්ථිර පදිංචිය සහිත අඩු ආදායම්ලාභීන්ට ශක්තියක් වෙමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැන්වීමට පසුබිම සකස් කර දීමක් ලෙස අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාසවල ඉතිරි ඉදි කිරීම් සම්පූර්ණ කර ගැනීම සඳහා රුපියල් 350,000/= මූල්‍යමය ආධාර ලබාදීම ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

මෙහිදී දෙවැනි අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් 34 දෙනකු වෙනුවෙන් පළමු වටයේ වාරිකය ලෙස එක් අයකුට රුපියල් එක් ලක්ෂ පනස්දහක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් නිවාස අධිකාරියේ සභාපති එස්. සුගුමාරන් මහතාද මෙම අවස්ථාවට එක් වූ අතර ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් විසින් අදාළ ප්‍රතිලාභීන් තෝරාගෙන තිබුණි.



අදහස් (0)

නැගෙනහිර අඩු ආදායම්ලාභීන්ට නිවාස ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site