IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ධම්මික පෙරේරා ලංකා ටයිල්ස් සහ ලංකා වෝල්ටයිල්ස් සභාපති ධුරයට

  • සභාපති ඒ.එම්. වීරසිංහ සමසභාපති ධුරයට

භානුක අමරසිංහ 

ලංකා ටයිල්ස් පීඑල්සී සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී යන සමාගම්හි සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම් පවසයි. ඒ අනුව ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගම් දෙකෙහිම විධායක නොවන අධ්‍යක්ෂ සහ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. 

මෙතෙක් කලක් සමාගම් දෙකෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.එම්. වීරසිංහ මහතා වෙනුවට මෙම නව පත් කිරිම් සිදු කර තිබේ. එසේම ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගම් දෙකෙහිම සම සභාපතිවරයා ලෙසින්ද යළි පත් කර තිබේ. 

මෙම පත්වීම් ලබන අවස්ථාව වනවිට ධම්මික පෙරේරා මහතා ලංකා ටයිල්ස් පීඑල්සීහි කොටස් 6,943‍,405ක් සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සීහි කොටස් 148‍,921,090ක් හිමි රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.



අදහස් (0)

ධම්මික පෙරේරා ලංකා ටයිල්ස් සහ ලංකා වෝල්ටයිල්ස් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site