IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ධම්මිකගේ LB Finance රු.බි. 3.71කට තවත් සමාගමක බලය සියතට ගනී

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ පාලනය යටතේ පවතින කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛ මූල්‍ය සමාගමක් වන  LB Finance PLC විසින් Associated Motor Finance Company PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට කටයුතු කර තිබේ. Associated Motor Finance Company යනු ලැයිස්තුගත තවත් මූල්‍ය සමාගමකි.
Associated Motor Finance Company හි ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා වන නාලත දයාවංස සහ Imperial Import & Export Co. (Pvt) Ltd සතුව ඇති පිළිවෙළින් මිලියන 45.27ක් සහ මිලියන 29.06ක් වන කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට කටයුතු කරන බව LB Finance  ඉකුත් 26 වැනිදා නිවේදනය කළේය. මෙය Associated Motor Finance Company PLC කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 65.60කි.
Associated Motor Finance Company PLC හි පාලක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීමට LB Finance වෙත පසුගිය සැප්තැම්බර් 23 දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණි.
මෙහිදී එක් කොටසක් වෙනුවෙන් නියම වී ඇති මිල රුපියල් 50කි. ඒ අනුව මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම වෙනුවෙන් LB Finance ආයෝජනය කිරීමට නියමිත මුළු මුදල රුපියල් බිලියන 3.71 කි. 
LB Finance PLC වැලිබල් වන් සමූහයේ අනුබද්ධ සමාගමක් වන අතර වැලිබල් වන් පීඑල්සීහි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 63.47ක අයිතිය සෘජුවම ඇත්තේ මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාටය. 
මෙම වසරේ ගෙවුණු කාලයේ දී ධම්මික පෙරේරා මෙරට දැවැන්ත ව්‍යාපාර දෙකක් අත්පත් කර ගැනීමට කටයුතු කළේය. ලාෆ්ස් හෝල්ඩිංග්ස් සහ වැලිබල් ත්‍රී සමාගමේ එක්වීම කැපී පෙනේ. මීට අමතර ඉකුත් ජූලි 08 දා රු. බිලියන 3.23ක් ආයෝජනය කරEAST WEST PROPERTIES PLC  හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ද ධම්මික පෙරේරා කටයුතු කළේය. 



අදහස් (0)

ධම්මිකගේ LB Finance රු.බි. 3.71කට තවත් සමාගමක බලය සියතට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site