IMG-LOGO

2026 පෙබරවාරි මස 02 වන සඳුදා


ධනුෂ්ක ෆොන්සේකා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට


භානුක අමරසිංහ 


සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ධනුෂ්ක ෆොන්සේකා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ඩල්සි බ්‍රෝහියර් මහත්මිය එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

ෆොන්සේකා මහතා සතුව වසර 25කට අධික කාලයක් පුරා මූල්‍ය, ණයදීම්, අලෙවිකරණය සහ සාංගමික ක්‍රමෝපාය යන අංශයන්හි අත්දැකීම් සහිත බව සමාගම පවසයි. මීට පෙර ඒ මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ. මීට අමතරව ඒ මහතා ෆෙයාර්විව් හොටේල් සහ මර්කන්ටයිල් ෆෝර්චුන්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් යන සමාගම්වලද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

 



අදහස් (0)

ධනුෂ්ක ෆොන්සේකා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site