IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ද ෆෝට්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා තාවකාලිකව වසයි

භානුක අමරසිංහ 

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන ද ෆෝට්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා (Fortress Resort and Spa ) හෝටලය අලු‍ත්වැඩියා කටයුතු සඳහා තාවකාලිකව වසා දැමෙන බව පවසයි.

ඒ අනුව මැයි 03 වැනිදා සිට ජූනි 25 වැනිදා දක්වා මෙම හෝටලය වසා දැමෙන බව සඳහන් වෙයි. 

සිය අමුත්තන්ට ලබාදෙන අත්දැකීම් සහ පහසුකම් තවදුරටත් ගුණාත්මක මට්ටමින් ඉහළ නැංවීමේ අරමුණින් මෙම අලු‍ත්වැඩියාව සිදු කරන බව සමාගම පවසයි. ලබන ජූනි 26 වැනිදා හෝටලය යළිත් මෙහෙයුම් සිදු කිරීම සමාගමේ අපේක්ෂාවයි. 

කොග්ගල පිහිටි මෙම ෆෝට්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයේ වැඩිම තනි කොටස් හිමිකාරීත්වය එනම් සියයට 25.8 ඇත්තේ MJF Holdings   සමාගමටයි. එසේම වැලිබල් සමූහයට අයත් වැලිබල් ලෙෂර් (පෞද්) සමාගම සහ වැලිබල් වන් පීඑල්සී සමාගම වෙත පිළිවෙළින් සියයට 22ක සහ සියයට 18.5ක කොටස් හිමිකාරීත්වයක් සහිතය. මීට අමතරව සමාගමේ සිව්වැනි කොටස් හිමිකරුවා ලෙස ධම්මික පෙරේරා මහතා සතුවත් සියයට 9.3ක කොටස් හිමිකාරීත්වයක් පවතී. 

 



අදහස් (0)

ද ෆෝට්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා තාවකාලිකව වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site