IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


දස වසරකට පසු ඉතාලියේ විදේශ ඇමැති අද ලංකාවට

විමුක්ති එස්. රුද්‍රිගු
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මිය අද (03) සිට අනිද්දා (05) දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (02) ප්‍රකාශ කළේය.
වසර 10 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉතාලි රජයේ ඉහළම නිලධාරිනිය ඇය බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි මහත්මිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමග එක්ව ශ්‍රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශන කමිටුවේ සමාරම්භක සැසියේ සම-සභාපතිත්වය දරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
එසේම, ට්‍රිපොඩි මහත්මිය ඇයගේ සංචාරය අතරතුරදී දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිතය.



අදහස් (0)

දස වසරකට පසු ඉතාලියේ විදේශ ඇමැති අද ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site