IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට රජ්‍ය-පෞද්ගලික එකතුව අත්‍යවශ්‍යයි

  • දේශිය ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරනවා
  • දේශීය ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය හරහා ජාතික ආර්ථිකයේ අත්තිවාරම ශක්තිමත් වනවා
  • රටේ කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත්වීමෙන් නව රැකියා
  • ආනයන අඩු කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම වෙනුවෙන් සෘජ‌ුවම දායකත්වයක්
  • මූල්‍ය, තාක්ෂණය සහ කුසලතා සංවර්ධනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීමෙන් කාර්මික සංවර්ධනයට හිතකර පරිසරයක්

යොහාන් භාසුර

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා රජය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති ‘2025 සීඑන්සීඅයි කර්මාන්ත සහ සේවා ඇගයීම් සම්මාන උළෙලට’ සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.

දේශිය ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් රටේ කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත්වීමෙන් නව රැකියා නිර්මාණය කිරීම, ආනයන අඩු කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම වෙනුවෙන් සෘජුවම දායකත්වයක් සපයන බවත් කර්මාන්ත ක්ෂෙත්‍රයේ ධාරිතා සංවර්ධනය, නවෝත්පාදන දිරිමත් කිරීම, ව්‍යාප්තිය පහසු කිරීම සහ නව වෙ​ෙළඳපොළ වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය දීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ශක්තිමත් තරගකාරී කාර්මික පදනමක් යනු ආර්ථික වශයෙන් අවධානය යොමු විය යුතු ප්‍රමුඛතාවක් පමණක් නොව එය ජාතික අවශ්‍යතාවක්, මූල්‍ය, තාක්ෂණය සහ කුසලතා සංවර්ධනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම මගින් කාර්මික සංවර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජය වගකීමෙන් කටයුතු කිරීමක් බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය කීවාය.

කාර්මික අංශයේ කාන්තා සහභාගීත්වයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ සමාන අවස්ථා සැලසීම සාධාරණ බව මෙන්ම ආර්ථික උපාය මාර්ගයක් ලෙස යොදාගත හැකි බවත් දේශීය ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය හරහා අපගේ ජාතික ආර්ථිකයේ අත්තිවාරම ශක්තිමත් වන බව ද කී ඇය නිෂ්පාදනය, කළමනාකරණය, නවෝත්පාදනය සහ සැලසුම් කිරීමේදී කාන්තාවන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා මෙන්ම ඔවුන්ගේ දායකත්වය බොහෝ අවස්ථාවලදී නිවැරදිව හඳුනා ගෙනනොමැති බව ද සදඟන් කළාය.

සේවකයන්, කළමනාකරුවන් හෝ ව්‍යවසායකයන් ලෙස කාන්තා සහභාගීත්වය වැඩි කිරීම හරහා ඵලදායිතාව මෙන්ම නවෝත්පාදනයෙන් සමස්ත කාර්මික පරිසර පද්ධතියම ශක්තිමත් කිරීමට උපකාරී වන බව කී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 

කඩිනම් ණය සහ මූල්‍ය සේවා, වෘත්තීය හා තාක්ෂණික පුහුණුව, සමාන සේවා සඳහා සමාන වැටුප් ගෙවීම් මෙන්ම කාන්තාවන් මෙහෙයවන ව්‍යවසාය සඳහා සහාය දීම වෙනුවෙන් රජය මැදිහත් වන බවත් ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය සීමා කරන නොගෙවූ රැකවරණ වැනි බාධක ඉවත් කිරීම සහ පුළුල් ප්‍රවර්ධනයක් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන කාර්මික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවත් ඇය සඳහන් කළාය.

හේකාබ් පීඑල්සී සහ මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් (පෞද්ගලික) සමාගම් වෙත පළිඟු‍ සම්මාන ^Crystal Awards& දෙකක් ද, කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්වූ ආයතන සඳහා විශේෂ සම්මාන 10 ක් අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රදානය කළාය.

 



අදහස් (0)

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට රජ්‍ය-පෞද්ගලික එකතුව අත්‍යවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site