IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


දුලින්ද පෙරේරා පීපල්ස් ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දුලින්ද පෙරේරා මහතා පත් කර ගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මාර්තු 04 වැනිදා සිට ඒ මහතා විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කෙරී තිබේ. මෙහිදී ඒ මහතා එම සමාගමෙහි මව් සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙනුවෙන් එම සමාගම වෙත නම් කළ අධ්‍යක්ෂවරයා ලෙස මෙලෙස පත් කර තිබේ. දුලින්ද පෙරේරා මහතා සතුව දශයකට අධික කාලයක් පුරා සන්නාමකරණය, ඩිජිටල් අනුවර්තනය සහ මූල්‍ය පිළිබඳ අත්දැකීම් පවතින බවත් ඒ මහතා IKON Group of Companies හි නිර්මාතෘවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. දුලින්ද පෙරේරා මහතා අද වනවිට පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු මෙන්ම, හිල්ටන් කලම්බු හෝටලය හිමි හොටෙල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ් සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. 



අදහස් (0)

දුලින්ද පෙරේරා පීපල්ස් ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site