IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


දුම්රියේ අඛලි යකඩ බැහැර කිරීම Melwire Rolling සහ SR Steel සමාගම්වලට

 

  • කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම රැ. මිලියන 888 ඉක්මවයි

නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතියා අඛලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අඛලී ලෝහ බැහැර කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංලඝු කැඳවා තිබේ. ඒ අනුව ලංසුකරුවන් 11 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද වැඩිම මිලගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වන M/s. Melwire Rolling (Pvt) Ltd වෙත රුපියල් මිලියන 721.257 ක (වැට සහිත) මුදලකටත්, M/iL. SR Steel (Pvt) Ltd වෙත රුපියල් මිලියන 167.507 ක (වැට සහික) මුදලකටත් අදාළ අඛලි ලෝහ බැහැර කිරීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 



අදහස් (0)

දුම්රියේ අඛලි යකඩ බැහැර කිරීම Melwire Rolling සහ SR Steel සමාගම්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site