IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දින 23කදී සංචාරකයෝ 145,188 ක් ඇවිත්

  • මෙම වසරේදී මෙතෙක් පැමිණි සංචාරක පිරිස 1,313,232 ක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙම මස පළමු දින 23දී මෙරටට සංචාරකයන් 145,188 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

ඒ අනුව මෙම වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස 1,313,232 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම වසරේ පසුගිය 22 වැනිදා දක්වා ගෙවුණු කාලයේදී මෙන්ම මෙම මාසයේදීම සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්ය. මෙම මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 27,786 ක් මෙරටට පැමිණ ඇති අතර, මෙම වසරේදී ඉන්දියාවෙන් සංචාරකයන් 269,780 ක් පමණ ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයන් පිරිස වැඩිකර ගැනීම අරමුණින් රටවල් 40 ක පුරවැසියන්ට වීසා ගාස්තු නොමැතිව වීසා ලබාගැනීම සඳහා පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය. එහිදී එම රටවල පුරවැසියන්ට මාස තුනක වීසා බලපත්‍රයක් හිමිවේ.

එසේම මාලදිවයින් ජාතිකයන්ට මෙරට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලබාදෙන වීසා බලපත්‍රයද අවුරුද්දක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 



අදහස් (0)

දින 23කදී සංචාරකයෝ 145,188 ක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site