IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


දුන් ණයට වඩා වැඩි මුදලක් පොලිය ලෙස අයකරන්න බෑ - එක්සත් අරාබි එමීර් ශ්‍රේෂ්ඨාධිකරණය

විමුක්ති එස් රුද්‍රිගු


මූල්‍ය ආයතනයක් ලබාදී ඇති ණයකට, එම ණය මුදලට වඩා වැඩි මුදලක් පොලිය ලෙස අයකිරීමට හැකියාවක් නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීරණය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය ආයතනයකින් ඩිරාම් ලක්ෂ 7 ක් ගත් පාර්ශ්වයකට පොලියත් සමග ඩිරාම් මිලියන 1.553 ක් ගෙවන ලෙස එරට අහියාචනධිකරණය ලබාදුන් තීන්දුවක් බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය.
ඩිරාම් 634,000 ක් සහ 66,000 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවකින් ණයක් ලෙස ලබාගෙන ගෙවීම පැහැර හැරීමෙන් පසුව ණය ලබාදුන් බැංකුව පැහැර හැරී ණය සඳහා ඩිරාම් මිලියන 1.919 කුත් එතෙක් සියයට 11.25 ක වාර්ෂික පොලියකුත් ගෙවන ලෙස බලකරමින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමත් සමග දෙපාර්ශ්වය අතර මෙම නීතිමය සටන ඇරැඹී තිබිණි.
පසුව චූදිත පාර්ශ්වය අභියාචනාධිකරණය හමුවට ගොස් තිබූ අතර එහිදී ඩිරාම් මිලියන 1.553 ක් ගෙවන ලෙස චූදිත පාර්ශ්වයට අභියාචනාධිකරණය නියෝග කර තිබුණේය.



අදහස් (0)

දුන් ණයට වඩා වැඩි මුදලක් පොලිය ලෙස අයකරන්න බෑ - එක්සත් අරාබි එමීර් ශ්‍රේෂ්ඨාධිකරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site