
සංජුල හෙට්ටිගේ (ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී), ජසීම් ජුනයිඩීන් (CFO), මින්හාජ් ෆාරුක් (සිල්ලර අලෙවිකරණ ප්‍රධානී), අක්‍රම් බදුර්දීන් (ප්‍රධාන විධායක නිලධාරී), ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි (අග්‍රාමාත්‍ය ලේකම්), ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය (ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය), මොහොමඩ් ෆාමි ඉස්මයිල් (සභාපති), ගෙහාන් තංගප්පන් (බෙදාහැරීමේ කළමනාකරු), මොහොමඞ් කදීර් ඉස්මත් (බෙදාහැරීමේ ප්‍රධානී - ක්‍රීඩා), නිස්රාන් සියාත් යන මහත්ම මහත්මීන්
HP, ASUS, MSI, Lenovo, BenQ, Raidmax, Kaspersky සහ තවත් බොහෝ ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලයලත් IT බෙදා හැරීමේ සමාගම වන Technocity (Pvt) Ltd, රුපියල් මිලියන 50 ක දැවැන්ත සහන වැඩසටහනක් සමග, ශ්‍රී ලංකා රජයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ. මෙම සද්කාර්යයේ අරමුණ වන්නේ, සුළි කුණාටුව සහ ගංවතුරෙන් බලපෑමට ලක් වූ දරුවන්ට සහ වඩාත් දරුණු ලෙස පීඩාවට පත් ප්‍රදේශවල පාසල්වලට සහාය දැක්වීමයි.
මුහුණ දෙන්නට සිදු වූ ස්වාභාවික ආපදාව හේතුවෙන් ගොඩනැගිලි විනාශ වීමට අමතරව, නායයෑම් සහ ගංවතුර බොහෝ පාසල්වල ඩිජිටල් යටිතල පද්ධති සහ පහසුකම් ද විනාශ කළේය. දැන් ඒවා හැකි ඉක්මනින් යළි ගොඩනැගිය යුතුව තිබේ. මුහුණ දී ඇති මෙම හදිසි අවශ්‍යතාව තේරුම් ගනිමින්, ටෙක්නොසිටි (පුද්ගලික) සමාගම රුපියල් මිලියන 50 ක් වෙන් කළේය.
එයට භෞතික යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 20 ක මුදල් සහ ටෙක්නෝ වීව් 65” සහ 86” අන්තර්ක්‍රියාකාරී අල් ස්මාර්ට් බෝඩ් සංදර්ශක පැනල් 50 ක් මෙන්ම ලැප්ටොප්, ඕල්-ඉන්-වන් මුද්‍රණ යන්ත්‍ර සහ ඡායා පිටපත් යන්ත්‍ර වැනි උසස් පරිගණක උපාංග සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 30 ක් ඇතුළත් වේ.
මෙම දියුණු උපාංග පන්ති කාමර ප්‍රතිසංස්කරණය කිරීමට, ප්‍රජාව නැවත සම්බන්ධ කිරීමට සහ ආපදාවකදී පවා ඔවුන්ගේ අනාගතය ආරක්ෂා වීමට ප්‍රමුඛතාවය දී ඇති බව දරුවන්ට මතක් කර දීමට උපකාරී වනු ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ගේ මූලිකත්වයෙන් සහ සහයෝගයෙන් සංවර්ධනය කරන ලද මෙම මුල පිරීමෙන් අනතුරුව, පසු ගිය දෙසැම්බර් 15 වැනිදා, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ සභාපති සහ නිර්මාතෘ ෆාමි ඉස්මයිල් මහතා, අරලියගහ මන්දිරයේ පැවති හමුවීමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත අදාළ චෙක්පත භාර දුන්නේය.
The Technocity Pvt Ltd සහ Laptop.lk Pvt Ltd සභාපති සහ නිර්මාතෘ ෆාමි ඉස්මයිල් මහතා, සිය සමාගම දායකත්වය දක්වන මෙම මෙහෙයුම පිටුපස ඇති සදාචාරාත්මක බලපෑම යුතුකම අවධාරණය කළේ මෙලෙසිනි.
“මෙවැනි අවස්ථා අපට මතක් කර දෙන්නේ ජාතියක් වශයෙන් මුහුණ දෙන ව්‍යසනවලදී, මනුෂ්‍යත්වය පෙරදෑරි කර ගත් සදාචාරාත්මක සමාගමක කොටස්කරුවන් වශයෙන් අප ද ඉදිරියට ආ යුතු බවයි. විශේෂයෙන් යටිතල පහසුකම් හානි හේතුවෙන් ප්‍රජාව විශ්වාසය තබන අධ්‍යාපනය සහ තීරණාත්මක තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා ප්‍රවේශය කඩාකප්පල් වන විට අපගේ යුතුකම වන්නේ, ඔවුන්ගේ ජීවිත ගෞරවයෙන් හා ශක්තියෙන් නැවත ගොඩනඟා ගැනීමට තාක්ෂණික අංශයෙන් උපකාර කිරීමයි.”
‘දිට්වා‘ සුන් කළ බලාපොරොත්තු නැවත ගොඩනැගීමට The Technocity වෙතින් රු. මි. 50 ක ශක්තිමත් සහයෝගයක්