IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් වැඩසටහනක්

ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් වීම. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka  සමාගම පියවර ගෙන තිබේ. 
‘ජාතිය ගොඩනගන ශක්තියේ සත්කාරය’ නම් වූ මෙම වැඩසටහන යටතේ  INSEE සංස්ථා සිමෙන්ති කොට්ට 20,000ක් පරිත්‍යාග කෙරුණි. මෙවැනි අර්බුදකාරී කාලයක ලාංකිකයන්ට සහාය වීමට සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ලාංකිකයන් සතු හැකියාවට ශක්තියක් වීමට  INSEE සමාගමේ කැපවීම මෙම මුලපිරීමෙන් දක්නට ලැබුණි.
මෙම පරිත්‍යාගය සංකේතාත්මකව භාරදීම පසුගියදා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර, එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ නිවාසල ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු සහභාගී වූහ. INSEE Lanka සමාගම නියෝජනය කරමින් සභාපති ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ බාහිර සබඳතා පිළිබඳ සාමාන්‍යාධිකාරී චන්දන නානායක්කාර යන මහත්වරුන් සහභාගී වූ අතර ප්‍රජා සහයෝගය සහ තිරසර සංවර්ධනය සඳහා සමාගමේ කැපී පෙනෙන නායකත්වය මෙම සත්කාරයෙන් මැනවින් ඉස්මතු විය. 
ප්‍රදානය කරන ලද සිමෙන්ති තොගය පුත්තලම, කුරුණෑගල, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා බෙදා හැරීමට සැලසුම් කර ඇති අතරල ව්‍යසනයෙන් වඩාත් බලපෑමට ලක් වූ පිරිස්වලට මෙම ආධාර හිමි වන බවට සහතික කෙරුණි. නිවාස ප්‍රතිසංස්කරණය සඳහා සහය දීමෙන් ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දුන් පවුල්වල ගෞරවය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය නැවත ඇති කිරීම INSEE Lanka  අපේක්ෂාවයි. 



අදහස් (0)

දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site