IMG-LOGO

2026 අගෝස්තු මස 09 වන ඉරිදා


‘දිට්වාවෙන් හානිවූ පුත්තලම කුරුණෑගල නිවාස ප්‍රතිසංස්කරණයට ඩො. මි. 10.1ක අරමුදල් අනුමතයි


නිමල කොඩිතුවක්කු 


ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් අරමුදල් සපයනු ලබන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය ප්‍රතිඅරමුණුගත (Repurpose) කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

‘දිට්වා‘ සුළි කුණාටුවෙන් වූ විනාශය හේතුවෙන් පවතින තීරණාත්මක ආර්ථික හා සමාජ යටිතල පහසුකම් පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණයට සහාය වීම සඳහා පවතින මූල්‍ය පහසුකම් ප්‍රතිඅරමුණු ගත කිරීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජයේ සංවර්ධන හවුල්කරුවන්ගේ එකඟතාව ලැබී ඇත. 

ඒ යටතේ, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන කොළඹ නාගරික පුර්නර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය ප්‍රතිඅරමුණුගතකරමින්, එම ව්‍යාපෘතිය සඳහා ‘හදිසි නිවාස ප්‍රතිසංස්කරණ සංරචකය‘ ලෙස නව සංරචකයක් නිර්මාණය කර, ‘දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.1ක අරමුදල් සලසා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

‘දිට්වාවෙන් හානිවූ පුත්තලම කුරුණෑගල නිවාස ප්‍රතිසංස්කරණයට ඩො. මි. 10.1ක අරමුදල් අනුමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site