
“එක්ව ගොඩනැගෙමු” තේමාව යටතේ, කොමර්ෂල් බැංකුවේ ක්‍රියාත්මක කර ඇති සහන ක්‍රියාමාර්ග මාලාවේ තවත් එක් වැදගත් පියවරක් ලෙස, රුපියල් මිලියන 110ක මුදලක් ‘Rebuild Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගයත් සමග දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීම් කටයුතු සඳහා මේ වන විට කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 125 කට අධික මුදලක දායකත්වයක් ලබා දී ඇත.
මෙම මුදල් පරිත්‍යාගය කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් සහ සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ අෂාණි සේනාරත්න මහත්ම මහත්මීන් විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, ක්ෂණික සහන සහ දිගුකාලීන ප්‍රතිසාධන අවශ්‍යතා සපුරාලීම සඳහා මුලපිරීම් කිහිපයක් දියත් කර ඇති අතර, ඒ සමඟම රටේ ආපදා සූදානම සහ අවදානම් කළමනාකරණ හැකියාව වැඩිදියුණු කිරීමට ද දායක වී තිබේ. ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 5,000 කට වැඩි සංඛ්‍යාවක් අතර බෙදා හැරීම සඳහා බැංකුව වියළි සලාක පරිත්‍යාග කළේය.
ව්‍යාපාර යථා තත්වයට පත් කිරීමට සහය දැක්වීම සඳහා සහ ආපදාවෙන් පීඩාවට පත් ණය ගැතියන් සඳහා මහ බැංකුව විසින් සහන පියවර ප්‍රකාශයට පත් කිරීමත් සමගම, ව්‍යාපාර ස්ථාවර කර මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට කොමර්ෂල් බැංකුව මූල්‍ය ආධාර ලබා දුන්නේය.
දිට්වාගෙන් පීඩාවූ ජන ජිවිත නගාසිටුවීමට කොමර්ෂල් බැංකුවෙන් රුපියල් මිලියන 125කට අධික සහන