IMG-LOGO

2026 අගෝස්තු මස 19 වන බදාදා


දක්ෂිණ කෘෂි අභිමන් - ව්‍යවසායකත්ව අලෙවි ප්‍රදර්ශනය දා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


දක්ෂිණ කෘෂි අභිමන් සහ ව්‍යවසායකත්ව හා අලෙවි ප්‍රදර්ශනය බෙන්තොට නිවාඩු නිකේතන භූමියේදී ආරම්භ කෙරිණි.
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබූ මෙම ප්‍රදර්ශනය නවතම ආහාර වර්ග හා මල් විසිතුරු පැළ අලෙවිය, කෘෂි තාක්ෂණික දැනුම ලබා දීමද මෙහිදී සිදුකෙරිණි.
විදේශීය සංචාරකයන් රැසක් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි අතර මෙම ආරම්භක අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිශාන්ත පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ටි.කේ .ජයසුන්දර බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රසන්න ගුණවර්ධන,ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප කොඩිතුවක්කු, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඒ.ජනහිත, දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා අනූෂා පලිහවඩන පහළගම්හය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී එච්. ජී. සාජිනි කෘෂිකර්ම උපදේශිකා දිලිනි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සමග දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක් ද සහභාගි වූහ.    



අදහස් (0)

දක්ෂිණ කෘෂි අභිමන් - ව්‍යවසායකත්ව අලෙවි ප්‍රදර්ශනය දා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site