
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවේ දකුණු දිග ඓතිහාසික රුහුණු ප්‍රදේශයේ පවතින සංචාරක ආකර්ෂණීය ස්ථාන තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ෂැන්ග්‍රිලා හෝටල් සමූහය එක්ව ඉදිරිපත් කරන “රුහුණු රින්ග් (Ruhunu Ring)“ ප්‍රවර්ධන වැඩසටහන එළිදැක්වීම ඊයේ (02) සිදුවිය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණු ජාත්‍යන්තර සංචාරක නායක සමුළුව 2025 අතරවාරයේදී මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි.
ලංකාවේ දකුණු පළාතේ පිහිටි වනජීවී, සංස්කෘතික, අභියෝගාත්මක ක්‍රීඩා, සුවතා සහ ආහාර පාන යන කරුණු පහ ඇතුළත් සංචාරක ගමනාන්ත ඉලක්ක කරගනිමින් මෙම “රුහුණු රින්ග්“ නිර්මාණය කර තිබේ. සංචාරක කර්මාන්තය හරහා සිදු කරන ආදායම් උත්පාදනය තවදුරටත් ඉහළ නැංවීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණ වී තිබේ.
දකුණේ සංචාරක ප්‍රවර්ධනයට ‘රුහුණු රින්ග්’ එළිදකී