කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන පොකුරු තේ ගම්මාන පන්සීයක් ආරම්භ කිරීමේ ජාතික සමාරම්භක උත්සවය ජූලි මස 15 වැනිදා පෙරවරු 9 ට නුවරඑළිය කොත්මලේ හල්ගොල්ල ග්‍රාමයේදී පැවැත්වේ.
මේ උත්සවයේ ගාලු දිසා උත්සවය එදිනම පෙරවරු 9 ට ගාල්ල නියාගම වත්තහේන රුහුණු තේ කර්මාන්ත ශාලාවේදී පැවැත්වේ.
මීට සමගාමීව බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය එදිනම (15) පස්වරු 2.00ට මහ ඌරගහ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරේ. ගාලු දිසාවේ පොකුරු තේ ගම්මාන විසිපහක් ස්ථාපිත කිරීමට නියමිතය.
කුඩා තේවතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම දලු අස්වැන්න හා ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මේ නවමු වැඩසටහන ආරම්භ කෙරේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය එක්ව මෙම වැඩසටහන තේ වගාවට ප්‍රසිද්ධ දිවයින පුරා දිස්ත්‍රික්ක 11ක ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
තේ පොකුරු ගම්මාන 500 ක් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද