IMG-LOGO

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා


තේ තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ සංශෝධන නියෝග පාර්ලිමේන්තු අනුමැතියට

 නිමල කොඩිතුවක්කු 


නිෂ්පාදන ද්‍රව්‍ය (තේ) තැරැව්කරුවන් සඳහා බලපත්‍ර ලබා දීමේ සංශෝධන නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2026-06-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී අනුමැතිය ප්‍රකාරව, 1979 අංක 9 දරන නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනතේ විධි විධාන යටතේ සාදන ලද 1979 නිෂ්පාදන ද්‍රව්‍ය (තේ) තැරැව්කරුවන් සඳහා බලපත්‍ර ලබා දීමේ නියෝග සංශෝධනය කිරීම පිණිස අංක 2501/68 දරනා 2026-08-12 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මගින් සංශෝධන නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 

එකී සංශෝධක නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

තේ තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ සංශෝධන නියෝග පාර්ලිමේන්තු අනුමැතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site