IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


තවදුරටත් විකිණීම් බහුල කාල වකවානුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල විකිණීම් බහුල ස්වභාවයක් ඉකුත් සතිය තුළ පැවැතිණ. සිකුරාදා (පෙබ20) ගනුදෙනුවල දී පමණක් රුපියල් බිලියන 36 ක අවාසියක් ප්‍රාග්ධනීනරණයට සිදුවී ඇති බව දැක්වේ. කොටස් විකුණා ඉවත් වූ අතර එම කොටස් අඩු මිලගණන් වලට විකිණීම හේතු කොටගෙන ප්‍රාග්ධනීකරණය සීමිත තැනකට පත්විය. විදේශ ගනුදෙනු සක්‍රීය බවක් පෙන්වන නමුත් එහි දී ද කොටස් විකිණීමක් සිදුවේ. ශුද්ධ අවාසියක් රටට සිදුවෙමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පමණක් නොව දේශීය වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකයේ ප්‍රගතියක් සහිත බව හුවා දක්වන නමුත් ආයෝජන අංශ තුළ ප්‍රමාණවත් විශ්වාසයක් ගොඩනැගී නැත. විනිමය අනුපාතිකය සලකා බලනපසු සුළු වශයෙන් රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ. රජයේ ණය ගැනීමේ ක්‍රියාවලිය පවතින අතර පසුගිය සතියේ භාණ්ඩාගාරබිල්පත් හා බැඳුම්කර වෙන්දේසියේ දී රජයට ණය සැපැයීමට උනන්දුවක් තිබෙනබව නැවත වතාවක් සනාථ වී තිබේ. 

අද ඇරඹෙන ගනුදෙනු සතිය තුළ ද විශාල පිබිදීමක් අපේක්ෂා කළ නොහැක. කෙසේ නමුත් මිල දී ගැනීම් සඳහා උනන්දුවක් ඇති විය හැකිය. කොටස් හිමිකරුවන් සිය කොටස් අඩු මිල ගණන් වලට විකිණීමට සූදානම් නැති ප්‍රවණතාවක් ඉදිරියේ පමණක් යම් ආකාරයක වර්ධනයක් අපේක්ෂා කළ හැකිවේ’.
 ඊයේ වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියළු කොටස් මිල දර්ශකය ඒකක 23,773.64 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 96.43 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,721.47 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 21.72 ක පහත වැටීමක් විය. දෛනික පිරිවැටුම රු. බිලියන 3.89 ක් සේ සනිටුහන්ය. ගනුදෙනු 34,255 ක් වාර්තා වී තිබුණි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 139.05 ක් විය. සමාගම් 98 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 165 කි. 
 
නිරීක්ෂක 

 



අදහස් (0)

තවදුරටත් විකිණීම් බහුල කාල වකවානුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site