නිමල කොඩිතුවක්කු
සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව විසින් ලබාදීමට එකඟ වු ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදල පළ කර ඇතැයි ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එකී ණය මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 70ක ප්‍රතිපත්ති සංරචකය මත පදනම් වූ ණයක් සහ ආයෝජන සංරචකය මත පදනම් වූ ණයක් ලෙස සංරචක 02 කින් සමන්විත වේ.
ආයෝජන සංරචකය යටතේ ත්‍රිකුණාමලය හා දඹුල්ල (සීගිරිය ප්‍රදේශය ද ඇතුළත්ව) සංචාරක ගමනාන්තවල සංචාරක විභවතාව සහ වරණ ධාරිතාව වැඩිදියුණු කිරීම, සංචාරක තදබදය පාලනය කිරීම, නවාතැන් කාලය දිගු කිරීම හා සංචාරක කර්මාන්තය හරහා ප්‍රාදේශීය ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා ගැනීමට අවශ්‍ය සංවර්ධන කාර්යයන් සිදුකිරීමට අපේක්ෂා කරනු ලබයි.
තිරසර සංචාරක සංවර්ධන වැඩසටහනට ඩොලර් මිලියන 100 ක ණයක්