IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තිරසාර බලශක්ති ව්‍යාපෘති මූල්‍ය කරණයට IFC වෙතින් ඩො.මි 30ක්


නිමල කොඩිතුවක්කු


ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බලශක්ති ව්‍යාපෘතිය මූල්‍ය කරණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර් ජාතික මූල්‍ය සමායතනය සමග ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බල ශක්ති ව්‍යාපෘතිය මුල්‍යකරණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර් ජාතික මූල්‍ය සමායතනය වෙතින් ඇමෙරිකා ඩොලර් මිලියන 30 ක ණය පහසුකමක් ලබාගැනීම සඳහා 2025.05.07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම ණය පහසුකම ලබාගැනීමට ලෝක බැංකු සමූහයේ අන්තර් ජාතික මූල්‍ය සමායතනය සමග සම්මුති සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. එකී ණය පහසුකම ලංකා විදුලිබල මණ්ඩලයට හෝ එහි අනුප්‍රාප්තික ආයතනය/ ආයතන වෙත නැවත උපණය වශයෙන් ලබාදීමට ද අපේක්ෂා කරනු ලබයි.



අදහස් (0)

තිරසාර බලශක්ති ව්‍යාපෘති මූල්‍ය කරණයට IFC වෙතින් ඩො.මි 30ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site