IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


‘ත්‍රිකුණාමලය සංවර්ධනයට සැලසුමක්‘

ජපානය, සිංගප්පූරුව හා ඉන්දියාව යන රටවල් සම්බන්ධ කරගනිමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අමාත්‍යවරයා කිවේය.

මෙම සැලැස්ම යටතේ එම දිස්ත්‍රික්කයෙහි වෙළඳ කලාප රැසක් පිහිටුවන බවත් මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්තශාලා රැසක් ඉදිවන බවත් ඒ සඳහා ආයෝජනයට රටවල් රැසක් සමග සාකච්ඡා කෙරෙමින් පවතින බවත් සමරවික්‍රම මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘ත්‍රිකුණාමලය සංවර්ධනයට සැලසුමක්‘

ටානි Saturday, 06 August 2016 08:12 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site