ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි ස්වයං රැකියාලාභීන් හා පදික වෙළෙඳුන් ඉලක්ක කර සකස් කරන ලද ජංගම වෙළෙඳ කුටි බෙදාදීම එම ප්‍රාදේශීය සභා භූමියේදී නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ප්‍රාදේශීය සභාවට ආදායම් උප්පාදන ව්‍යාපෘතියක් ලෙස මෙලෙස සකස් කළ ජංගම වෙළෙඳ කුටි දාහතරක් තෝරාගත් ස්වයං රැකියාලාභීන් හා පදික වෙළෙඳුන් වෙත මෙලෙස බෙදා දුන් අතර එක් ජංගම වෙළෙඳ කුටියක් සඳහා ප්‍රාදේශීය සභාවෙන් වැය කර ඇති මුදල රුපියල් 139,000 කි. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ඔවුන්ගේ ආදායම් මාර්ගයට ශක්තියක් වෙමින් ප්‍රාදේශීය සභාවට ද යම් ආදායමක් ලැබෙන පරිදි මෙම ව්‍යාපෘතිය සකස් කිරීම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙල්ලතම්බි සුරේෂ් කුමාර් මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය කටයුතු යොදා තිබුණි.
දෛනික කුලී පදනම මත වසර තුනකට ලබාදෙන මෙම වෙළෙඳ කුටි වසර තුන අවසානයේ එම ප්‍රතිලාභියාට අයිතිවන ආකාරයට ගිවිසුම් ගත ක්‍රමවේදයක් මෙයට සකස් කර තිබේ.
ත්‍රිකුණාමලය ස්වයං රුකියාලාභීන්ට ජංගම වෙළෙඳ කුටි