IMG-LOGO

2026 නොවැම්බර් මස 17 වන අඟහරුවාදා


තායිලන්තයේ ලයන් කෝපරේෂන් මෙරට ව්‍යාපාර හැකියාව සොයා බලයි

තායිලන්තයේ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන ලයන් කෝපරේෂන් මෙරට තුළ සිය නිෂ්පාදන බෙදාහැරිම සහ අලෙවි කිරීමේ ඇති හැකියාව සොයා බලමින් සිටින බව වාර්තා වෙයි. 

එම සමාගමේ නියෝජිතයන් පිරිසක් ඉන්දියාවේ නොමුරා රිසර්ච් ඉන්ස්ටියුට් කන්සල්ටින්ග් ඇන්ඩ් සොලියුෂන්ස් ඉන්දියා පෞද්ගලික සමාගමේ නියෝජිතයන් පිරිසක්ද සමගින් පසුගියදා ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජියන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. 

මෙහිදී එම මණ්ඩලය විසින් දේශීය බෙදාහරින්නන්, සිල්ලර වෙළෙන්දන් සහ අනෙකුත් කර්මාන්ත පාර්ශ්වකරුවන් සමග සම්බන්ධතා පහසු කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කර ඇතැයිද පවසයි. 

එසේම එවැනි සම්බන්ධතා සඳහා පහසුකම් සැලසීම, වෙළෙඳාම සහ ආයෝජන සඳහා මාර්ග විවෘත කිරීම සහ ජාත්‍යන්තර ව්‍යාපාර ශ්‍රී ලංකාවේ අවස්ථා සමඟ සම්බන්ධ කිරීම, පුද්ගලික අංශයේ වර්ධනය සහ වෙළෙඳපොළ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම වෙත වැඩි අවධානයක් යොමුව තිබේ.



අදහස් (0)

තායිලන්තයේ ලයන් කෝපරේෂන් මෙරට ව්‍යාපාර හැකියාව සොයා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site