IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


තෙදින යොවුන් නාට්‍ය උළෙල ලයනල් වෙන්ඩ්ට්හිදී

සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් කෝට්ටේ ආයතනය සංවිධානය කරන තෙදින ළමා සහ යොවුන් නාට්‍ය උළෙල අද (1) ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී ආරම්භ විය.

දෙවැනි වරටත් සංවිධානය කරන මෙම නාට්‍ය උළෙල අනිද්දා (3) දක්වා පැවැත්වේ.

ළමා හා යොවුන් නාට්‍ය උළෙලට අමතරව සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් කෝට්ටේ මගින් නිෂ්පාදිත විකෘති, දුටු තැන අල්ලනු සහ පුංචි අපට දැන් තේරෙයි යන නාට්‍යය ද තිරගත වෙයි.

අද (1) විකෘති වේදිකා ගත වූ අතර හෙට (2) දුටු තැන අල්ලනු සහ අනිද්දා (3) ලෙස නාට්‍යය තිරගත වේ.

විකෘති සහ පුංචි අපට දැන් තේරෙයි යන නාට්‍ය දෙක සෝමලතා සුබසිංහ මහත්මියගේ රචනයක් හා අධ්‍යක්ෂණයක් වන අතර දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යය කොශල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ පරිවර්තනයකි. 

 

 



අදහස් (0)

තෙදින යොවුන් නාට්‍ය උළෙල ලයනල් වෙන්ඩ්ට්හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site