භානුක අමරසිංහ
මෙරට ක්‍රියාත්මක බොහෝ සමාගම් විදේශීය රටවල ලියාංපදිංචි වී මෙරට තුළ උපයන මුදල් එම රටවලට රැගෙන යාම විසඳුම් සෙවිය යුතු ගැටලුවක් බව ලංකාපේහි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසයි. විශේෂයෙන්ම බොහෝ තාක්ෂණික සමාගම් තුළ මෙම ප්‍රවණතාව දැකගත හැකි බව ඔහු සඳහන් කරයි.
“එම තාක්ෂණික සමාගම් වෙත විදේශ මුදල් මෙරටට ගෙන ඒමේදී පවතින බාධා ඊට හේතුවයි. ඒ නිසා තමයි ඔවුන් සිංගප්පුරුවේ හරි මැදපෙරදිග රටක හරි තමන්ගේ සමාගම් ලියාපදිංචි කරලා, බැංකු ගිණුම් විවෘත කරන්නේ. එම රටවල පවතින ක්‍රමවේදයේ සරල බව නිසා ඔවුන්ට එය පහසුයි.’’
ඒ අනුව මෙම ගැටලුවට විසඳුම් සොයමින් එම සමාගම් මෙරට තුළ උපයන මුදල් රට තුළම රඳවා තබා ගැනීමට රජය මැදිහත්වී පියවර ගත යුතුව ඇතැයිද ඔහු පවසයි. “මේ ක්‍රමය නිසා ශ්‍රී ලංකාවට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ සිය සමාගම් ස්ථාපිත කිරීමට අවශ්‍ය උනන්දුව ඇති කළ යුතුයි. ඒ සඳහා පහසුකම් සැලසිය යුතුයි.“
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ යනු මෙවැනි තාක්ෂණික සමාගම් වෙත ඉතාමත් කුඩා වෙළෙඳ පොළක් බව පවසන චන්න ද සිල්වා මහතා, ඒ අනුව මෙරට ස්ථාපිත කෙරෙන සමාගම් වෙත විදෙස් රටවලට සිය සේවාවන් ලබාදීමට අවස්ථාව උදා කර දිය යුතු බවත් සඳහන් කරයි.
“අපේ රටේ සමාගම පිහිටුවලා, තමන්ගේ ව්‍යාපාරය තවත් රටවලට ව්‍යාප්ත කිරීමේ පහසුකම් ඔවුන්ට ලබාදිය යුතුයි. එහෙම නැතුව ඔවුන්ට මේ කුඩා වෙළෙඳ පොළෙන් පමණක් රැකෙන්න බැහැ.
තාක්ෂණික සමාගම් විදේශීය රටවල ලියාපදිංචි වී මෙරට උපයන මුදල් එම රටවලට රැගෙන යාම ගැටලුවක්