IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ණය කාඩ්වල මුළු හිඟ මුදල රු.බි.164.2 දක්වා ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, පසුගිය අගෝස්තු මාසයේදී මෙරට ණය කාඩ්පත්වල ගෙවීමට ඇති මුළු හිඟ මුදල රුපියල් බිලියන 164.2 දක්වා ඉහළ ගොස් ඇත. එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 3.9 ක වර්ධනයක් වූ අතර, මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව එය සියයට 1.8 ක වර්ධනයක් වූවේය. මෙම වසරේදී ණය කාඩ්පත් භාවිතය අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, පසුගිය අගෝස්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 21 ක් ලෙස සඳහන් වේ.
ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය ණය කාඩ්පත් සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසය වන විට ලක්ෂ 20.9 දක්වා ඉහළ ගොස් ඇත. එසේම ගෝලීයව පිළිගත් ණය කාඩ්පත් සඳහා ගෙවීමට තිබෙන හිඟ මුදල සියයට 3.1 කින් රුපියල් බිලියන 126.9 දක්වා ඉහළ ගොස් ඇත.



අදහස් (0)

ණය කාඩ්වල මුළු හිඟ මුදල රු.බි.164.2 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site