IMG-LOGO

2026 පෙබරවාරි මස 18 වන බදාදා


ට්‍රැවල්කෝ හොලිඩේස් ප්‍රාදේශීය ව්‍යාප්තිය ශක්තිමත් කරමින් නවතම ශාඛාව මහනුවරට


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූර්ණ සංචාරක විසඳුම් සපයන්නෙකු වන ට්‍රැවල්කෝ හොලිඩේස් (Travelco Holidays), මධ්‍යම පළාත වෙත සිය සේවා ව්‍යාප්ත කරමින් පසුගියදා මහනුවර පේරාදෙණිය පාරේ සිය නවතම ශාඛාව විවෘත කළේය. ජාත්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් කොළඹින් බැහැර ජනතාව වෙතද සමීප කිරීමේ සමාගමේ අරමුණෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නවතම ශාඛාව හැඳින්විය හැකිය.

මහනුවර සහ ඒ අවට ප්‍රදේශවාසීන්ට ට්‍රැවල්කෝ හි සියලුම සංචාරක සේවා මෙම නව ශාඛාව හරහා දැන් ලබාගත හැක. ආසියාව, අප්‍රිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව වැනි ගමනාන්ත සඳහා සකස් කරන ලද ජාත්‍යන්තර සංචාරක පැකේජ, ගුවන් ටිකට්පත් වෙන්කර ගැනීම, වීසා උපදේශන, මධුසම පැකේජ, පවුලේ සංචාර, ආයතනික සංචාර සහ අධ්‍යාපනික සංචාර ආදී සියලු සේවා මීට ඇතුළත් වේ. ටිකට්පත් වෙන්කිරීමේ මූලික ක්‍රියාවලියේ සිට නැවත ආරක්ෂිතව නිවසට පැමිණීම දක්වා සියලු කාර්යයන් වෙනුවෙන් සම්පූර්ණ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ට්‍රැවල්කෝ ආයතනය ප්‍රසිද්ධියක් උසුලයි.

මෙම ව්‍යාප්තියට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Hameedia සමඟින් නව්‍ය සහයෝගීතාවක් ආරම්භ කිරීමටද ට්‍රැවල්කෝ කටයුතු කර ඇත. එහි අංගයක් ලෙස පැවැත්වෙන විශේෂ දිනුම් ඇදීම හරහා ප්‍රමුඛ පෙළේ සන්නාම සහ ගෝලීය සංචාරක අත්දැකීම් එකිනෙක සම්බන්ධ කිරීම හරහා සංචාරය යනු හුදු සේවාවක් පමණක් නොව නූතන ජීවන රටාවේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කිරීමේ ට්‍රැවල්කෝ හි දැක්ම තවදුරටත් තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

අපගේ මහනුවර ශාඛාව විවෘත කිරීමේ මූලික අරමුණ වන්නේ මධ්‍යම පළාතේ ජනතාව වෙත විශේෂඥ සංචාරක උපදේශන සේවාවන් සමීප කිරීමයි, යනුවෙන් ට්‍රැවල්කෝ හොලිඩේස් හි අධ්‍යක්ෂ සන්ෆර් ෂෙරිෆ් (Zanfer Sheriff)  මහතා පැවසීය. කොළඹින් බැහැරව වෙසෙන සංචාරකයන්ගෙන් ද අවශ්‍යතා අනුව සැලසුම් කළ සේවා සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව අප හඳුනා ගත්තා. ජාත්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් දැරිය හැකි මිලකට සහ පහසුවෙන් සැමට ලබා දීමට අප කැපවී සිටිනවා.



අදහස් (0)

ට්‍රැවල්කෝ හොලිඩේස් ප්‍රාදේශීය ව්‍යාප්තිය ශක්තිමත් කරමින් නවතම ශාඛාව මහනුවරට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site