IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ට්‍රම්ප් බද්ද සියයට 20ට අඩුකිරීම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට වැදගත් මග පෙන්වීමක්


විමුක්ති එස් රුද්‍රිගු


ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදන සඳහා පැනවු සියයට 30 තීරු බද්ද සියයට 20 දක්වා තවත් අඩුකර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව රජය සිය ස්තූතිය පිරිනමන බවත් එය මෙරට ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා වන ඉතා වැදගත් මග පෙන්වීමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම අපනයනකරුවන්ට ඉතා වැදගත් සහනයක් සහ තරගකාරීත්වයක් ලබාදෙන අතරම ඇමෙරිකානු වෙළෙඳපොළේ වැඩි අවස්ථාවක් ලබාදෙන බවද එම මණ්ඩලය පැවැසුවේය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙය සරල බදු අඩු කිරීමක් නොවන බවත් මෙරට වෙළෙඳ සංශෝධන හා නිෂ්පාදනවල තත්වය පිළිබඳව ඇමෙරිකාවේ විශ්වාසය පිළිබිඹු වීමක් බවත්ය.

ලබාගත් ප්‍රගතිය දිගුකාලීන රාජතාන්ත්‍රික සංවාදවල හා අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව ප්‍රායෝගිකව ලැබුණු ජයග්‍රහණයක් බවත් තීරු බද්ද සියයට 20 ක ප්‍රතිශතයක් දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීමෙන් බංග්ලාදේශය සහ වියට්නාමය වැනි කලාපීය තරගකරුවන් සමඟ සමාන තත්වයකට ශ්‍රී ලංකාව පත්වන බවත් විජේසිංහ මහතා පැවැසුවේය.

විශේෂයෙන් ඇඟලුම් සහ රබර් කර්මාන්තවලට තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීමෙන් දැඩි වාසියක් අත්වන බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

ට්‍රම්ප් බද්ද සියයට 20ට අඩුකිරීම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට වැදගත් මග පෙන්වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site