IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජූලි මුල් දින 13ට සංචාරකයෝ අසූ දහසක්


විමුක්ති එස්. රුද්‍රිගු


මෙම මස පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් 79,771 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,247,815 සීමාව පසුකර ඇත. පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් සංචාරකයන් 16,329 ක් මෙරටට පැමිණ තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.5 කි.

දෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන්ය. මෙම වසර තුළදීද මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මෙම වසර තුළදී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 258,323 ක් මෙරටට පැමිණ ඇත.



අදහස් (0)

ජූලි මුල් දින 13ට සංචාරකයෝ අසූ දහසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site