නිමල කොඩිතුවක්කු
කොළඹ වරායේ ජය බහලු පර්යන්ත V අංගනයට ගල් අතුරා තාර දැමීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මධ්‍යම ප්‍රමාණයේ බහලු නෞකා දෙකකට පහසුකම් සැපයීමට හැකි වන පරිදි දැනට පවත්නා ජය බහළු පර්යන්ත IVහි ජැටි බැම්ම දීර්ඝ කිරීමට සහ අංගන ධාරිතාව වැඩි කිරීම සඳහා පසුපස අංගන ප්‍රදේශය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් කර තිබේ. ජය බහළු පර්යන්තය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ජය බහලු පර්යන්ත - Vහි ඉතිරි සංවර්ධන කටයුතු අවසන් කළ යුතුව ඇත.
ඒ අනුව, පස් පුරවා සංවර්ධනය කරන ලද අංගන ප්‍රදේශයේ ගල් අතුරා තාර දැමීම හා පවත්නා අංගනයට සම්බන්ධ කිරීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 9 ක් ලැබී ඇත. ඒ අනුව, ලංසු ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය M/s Maga Engineering (Pvt) Ltd වෙත ප්‍රදානය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජය බහලු පර්යන්තයේ ගල් අතුරා තාර දැමීමේ කොන්ත්‍රාත්තුව Maga සමාගමට