IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ජුනි පළමු දින 18දී සංචාරකයෝ 74,570 ක් ඇවිත්

  • මෙම මස 18 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,104,373 ක්

විමුක්ති එස් රුද්‍රිගු

මෙම මස පළමු දින 18 තුළදී මෙරටට සංචාරකයන් 74,570 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව වසර ආරම්භයේ සිට මෙම මස 18 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,104,373 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ ජුනි මස පළමු දින 18 ට සාපේක්ෂව මෙම වසරේ ජූනි මස පළමු දින 18 තුළ මෙරටට පැමිණි සංචාරකයන් පිරිස සියයට 12 කින් වර්ධනය වී තිබේ. පසුගිය වසරේ ජූනි මස පළමු දින 18 ට තුළදී මෙරටට සංචාරකයන් 66,522 ක් මෙරටට පැමිණ තිබිණි.

මෙම මස පළමු දින 18 තුළදී මෙන්ම වසර ආරම්භයේ සිට මේ දක්වාද මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර පළමු දින 18දී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 22,000 ක් මෙරටට පැමිණ ඇත. එසේම වසර ආරම්භයේ සිට පසුගිය 18 වැනිදා දක්වා ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 226,060 ක් පැමිණ තිබේ.

 



අදහස් (0)

ජුනි පළමු දින 18දී සංචාරකයෝ 74,570 ක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site