
JXG හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම විසින් පසුගියදා Project Compass’ වැඩසටහන ආරම්භ කිරීම සඳහා සිය ආයතනික කළමනාකාරීත්වය සහ කළමනාකරණ කණ්ඩායම සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩමුළුවක් පවත්වන ලදි.
Project Compass යනු පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම, ආයතනික ක්‍රියාවලි ශක්තිමත් කිරීම සහ විශිෂ්ට සේවා සංස්කෘතියක් ගොඩනැංවීම අරමුණු කරගත් සේවා පරිවර්තන වැඩසටහනකි. Blue Mango Partners සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, ඉදිරි මාස කිහිපය තුළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් මාලාවක සමාරම්භය සනිටුහන් කළේය.
ජනශක්ති ෆිනෑන්ස් සේවා වැඩිදියුණු කිරීමට ‘Project Compass’ අරඹයි