IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ජනශක්ති ඉන්ෂුවරන්ස් කොටස් අතුරු බෙදීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජනශක්ති සමූහයට අයත් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම කොටස් අතුරු බෙදීමක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. 

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක්ම තවත් කොටස් තුනක් ලෙස මෙම අතුරු බෙදීම සිදු කරන බව සමාගම සඳහන් කරයි. අද වනවිට සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 226,526,153ක් වන අතර, මෙම පියවරත් සමගින් එය කොටස් 679,578,459ක් දක්වා ඉහළ යයි. කෙසේ වෙතත් මින් සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය වන රුපියල් 4,853,751,661 හි කිසිදු වෙනස්කමක් සිදු නොවන බවත් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම පවසයි.

 



අදහස් (0)

ජනශක්ති ඉන්ෂුවරන්ස් කොටස් අතුරු බෙදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site