රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙම වසරේ පළමු භාගය ආවරණය වන පරිදි සිදුකළ කාර්ය සාධන සමාලෝචනයකදී අනාවරණය වී ඇත්තේ ජනවාරි සිට ජූනි දක්වා මෙරටට ගෙන්වූ වාහනවලින් සියයට 30 ක් රේගුව නිෂ්කාශනය කර නොමැති බවයි.
පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ නිවේදනයකට අනුව මෙම වසර ආරම්භයේ සිට ජූනි මාසය දක්වා කාලයේදී ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 996 ක ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ පළමු මාස 6 රේගු ආදායමට සාපේක්ෂව සියයට 47 ක වර්ධනයකි. එයට වාහන ආනයනයෙන් රුපියල් බිලියන 429 ක් දායකත්වයක් ලැබී තිබිණි. පසුගිය පෙබරවාරි මාසයේ වාහන ආනයන සීමා ඉවත්කිරීමෙන් පසුව මෙරටට වාහන 220,026 ක් පමණ මෙරටට ගෙන්වා තිබිණි.
ඉන් රේගුව වාහන 154,537 ක් නිදහස් කර ඇති බව එම නිවේදනයේ සඳහන් විණි. කාර්ය සාධන සමාලෝචනයේදී රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රේගුවේ නිෂ්කාශන ප්‍රමාදය පිළිබඳව විමසා ඇති අතර එහිදී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දින 3 තුළ නිෂ්කාශන සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවයි.
ජනවාරි සිට ජූනි දක්වා ගෙන්වූ වාහනවලින් සියයට 30 ක් රේගුවෙන් නිදහස් කර නෑ