IMG-LOGO

2026 ජුලි මස 17 වන සිකුරාදා


ජනවාරි - ජුනි සංචාරක ආදායමේ සියයට 11.8 ක අඩුවීමක්

 

  • සමස්ත සංචාරක ආදායම ඩොලර් මිලියන 1,511 ක් 

2026 ජනවාරි සිට ජුනි දක්වා මුල් මාස හයක කාලය තුළ මෙරට සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,511 ක් ලෙස සටහන්ව තිබේ. 

කෙසේ වෙතත් මෙය 2025 මුල් මාස හයේදී හිමි වූ ඩොලර් මිලියන 1,713 ක ආදායම හා සැසඳීමේදී සියයට 11.8 ක අඩුවීමකි. 

මෙහිදී 2026 වසරේ මුල් මාස හයට පැමිණි සංචාරකයන් 1‍,146,573ක් හරහා මෙම ආදායම් හිමිව තිබේ. එම පැමිණීම් ද 2025 වසරේ එම කාලයේ පැමිණි සංචාරකයන් 1,168,044 ට සාපේක්ෂව සියයට 1.8 ක අඩුවීමකි. 

මෙම දත්ත අනුව 2026 ජූනි මාසයේදී සංචාරකයන් 124,551 ක් පැමිණ ඇති අතර, ඒ හරහා ලැබුණු ආදායම ඩොලර් මිලියන 151.1 කි. 2025 ජුනි මාසයේදී සංචාරකයන් 138,241ක් පැමිණ ඇති අතර, ඔවුන් හරහා ලැබුණු ආදායම ඩොලර් මිලියන 169.5ක් විය.



අදහස් (0)

ජනවාරි - ජුනි සංචාරක ආදායමේ සියයට 11.8 ක අඩුවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site