IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක්


යොහාන් භාසුර


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද මහ බැංකුව සඳහන් කරයි.

ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

ආහාර නොවන කාණ්ඩයේ ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 4.7 ක් බව කියන ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එය දෙසැම්බර් මාස සියයට සෘණ 3.0 ක පැවති බව ද සඳහන් කරයි.

වාර්ෂික පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජනවාරි මස සියයට 0.47 ක ඉහළ යෑමක් ප්‍රදර්ශනය කරන බවත් ආහාර කාණ්ඩයේ අයිතමවල සියයට 0.11 ක මිල ඉහළ යෑම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල සියයට 0.36 ක මිල ඉහළ යෑම මෙයට හේතුව බවත් මහ බැංකුව සඳහන් කරයි.

ජනවාරි මස අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම හේතුවෙන් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරි මාසවල දී උද්ධමනය අඩු විය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (0)

ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site