
භානුක අමරසිංහ
පසුගිය ජනවාරි මාසයේදී මෙරට තේ කිලෝවක් සඳහා ලැබුණු වටිනාකමේ සාමාන්‍ය අගය රුපියල් 1,164.54ක් ලෙස සටහන් වූ බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker පවසයි.
එම මාසය සඳහා වන ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගයන් පිළිබඳව සටහනක් ඉදිරිපත් කරමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කරයි.
ඒ අනුව මෙය 2025 දෙසැම්බර් මාසයේදී තේ කිලෝවක් සදහා වාර්තා වූ රුපියල් 1,201.58 ක වටිනාකම හා සැසඳීමේදී රුපියල් 37.04 ක අඩු වීමකි. එසේම එය 2025 ජනවාරි මාසයේදී වාර්තා කළ රුපියල් 1,185.43 හා සැසඳීමේදී රුපියල් 20.89 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියලුම තේ වගා බිම්වල තේ අලෙවියේ වටිනාකම් ජනවාරි මාසයේදී පහත වැටීම මේ සඳහා හේතුව වී තිබේ.
ඒ අනුව උස් වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,178.25ක සිට 1,143.12 ක් දක්වා රුපියල් 35.13 කින්, මැදි වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,048.89 ක සිට 987.40ක් දක්වා රුපියල් 61.49 කින් සහ පහත් වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,258.25 ක සිට 1,221.63ක් දක්වා රුපියල් 36.62 කින් පහත වැටී ඇතැයි Forbes & Walker වැඩි දුරටත් පවසයි.
ජනවාරියේදී තේ කිලෝවක අලෙවි වටිනාකම පහළ ගිහින්